කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 117 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එසේම, අද දිනයේ ද රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව සුවය ලබා ඇති මුළු රෝගීන් ගණන 11 ක් වේ. දැනට රෝගීන් 117 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණයේ පසුවේ.
