Advertise with Giraya
NEWS

තවත් කොරෝනා ආසාදිත වූ රෝගියෙක් සුවය ලබයි… 5ක් දැඩි සත්කාරයේ

කෝඩිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් අද (29) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, මේ වන විට සුවය ලබා රෝහලෙන් පිට වූ පුද්ගලයන් ගණන 10ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

මීට අමතරව, මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 05 දෙනෛකු අයි.ඩී.එච් රොහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එසේම, රජය සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට අවනත නොවී ජනතාව කටයුතු කළහොත් රෝහල්ගතවන රෝගීන් සංඛ්‍යාවද වැඩි විය හැකි බව අයි.ඩී.එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top