රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන් ලබා ගත යුතු ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකස් කර තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කරයි.
ඒ අනුව දරුවාට අදාළ සායන සඳහා හෝ විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ වීමේ දුරකථන අංකය පහතින් දැක්වෙයි.

ඒ අනුව දරුවාට අවශ්‍ය පරීක්ෂණ සඳහා හෝ අනිවාර්යයෙන්ම ඖෂධ අවසන් වීමට ප්‍රථමව සතියේ දිනවල පෙ.ව.8 සිට ප.ව 2 දක්වා එම අංකයන් ඇමතීමෙන් තොරතුරු ලබා ගන්නා ලෙසත් රෝහල දැනුම් දෙයි.
අනෙකුත් රෝගී සත්කාරක සේවා සඳහා 0112 693711 / 0112 693712 දුරකථන අංක මඟින් ප්‍රතිකාර ලබා ගත් වාට්ටු ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව ද රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කරයි.
