Advertise with Giraya
NEWS

ගුවන් ගමන් තහනම අප්‍රේල් 07 දක්වා දීර්ඝ කරයි

ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රේල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ .

මෙම ගුවන් ගමන් තහනම මේ මස , එනම් මාර්තු මස 31 දා අවසන් වීමට නියමිතව තිබුණි . ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබේ .

එහෙත් වෙනත් රටවල් කරා පිටත්ව යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් , හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , කාර්මික දෝශ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී .

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top