Advertise with Giraya
FOREIGN

ලොව පුරා මරණ 30,000 ඉක්මවයි

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන මේ වන විට 30,880 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, මේ වන විට, වාර්තා වී ඇති මුළු ආසාදිතයින් ගණන 663,926ක් වේ.

දැනට ජීවිත විශාල ගණනක් අහිමි වී දැඩි ලෙස පීඩාවට පත් වී සිටින ඉතාලියෙන් ඊයේ (28) දිනයේ ද මරණ 889ක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයින් 5984 ක් වාර්තා වී ඇත. කෙසේ නමුත්, දැනට ඉතාලියේ රෝගීන් 12,384 දෙනෙකු සුවය ලබා ඇත. එසේ වුවද, ලොව පුරා සිදුව ඇති මරණ වලින් 10,023ක්ම වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වේ.

ඊයේ (28) දිනය තුළදී ඉතාලියට පසුව වැඩිම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වේ. ඒ මරණ, 844කි. නව ආසාදිතයන් 7516ක් ද ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇත. ඒ අනුව, ස්පාඤ්ඤයේ මේ වන විට රෝගීන් 73,235ක් හා පුද්ගල මරණ 5982ක් වාර්තා වේ.

Giraya News Alerts

මේ වන විට, කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ දැනට රෝගීන් 123,578 දෙනෙකු වාර්තා වී ඇති අතර ඊයේ (28) දිනයේ දී පමණක් රෝගීන් 9,452 ක් වාර්තා වී ඇත. මරණ 525ක් වාර්තා වී ඇත. එසේම, රෝගීන් වැඩි දෙනෙකු වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙන් වන අතර එහි දැනට මුළු රෝගීන් 53,448 දෙනෙකු වාර්තා වී ඇත. නිව්යෝර්ක් වලින් පසුව වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ නිව් ජර්සි හා කැලිෆෝනියා ප්‍රාන්තවලට වේ.

ප්‍රංශයේ ද ඊයේ (28) දිනයේ දී 4611 ක් වූ එම රටෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ගණනක් වාර්තා කර ඇති අතර මේ වන විට එහි ද ආසාදිත වූවන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරයි. එමෙන්ම, ඊයේ දිනයේ දී ප්‍රංශයේ මරණ 319 ක්ද වාර්තා වී ඇත. දැනට ආසාදිතයින් 37,575ක් වාර්තා වන අතර මරණ 2314ක් වාර්තා වේ. රෝගීන් 5700 දෙනෙකු සුවය ලබා ඇත.

බ්‍රිතාන්‍යයේ ඊයේ (28) දිනයේ දී වාර්තා වන රෝගීන්ගේ කිසියම් අඩු වීමක් පෙන්නුම් කරයි. පෙරේදා දිනයේ දි එරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වු 2885ක් වාර්තා වු නමුත් ඊයේ දිනයේ දී එය තරමක් අඩු වෙමින් 2546 දෙනෙකු පමණක් වාර්තා වේ. නමුත් , ඊයේ (28) දිනයේ දී බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වූ මරණ 260ක් වාර්තා විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top