Advertise with Giraya
NEWS

තවත් ගම්මාන දෙකක් නිරෝධායනය කරයි

මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ගම්මාන දෙකක ජනතාව නිරෝධායනයට යොමු කිරීමට සූදානම් කර ඇති බව කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමත් සමඟ මෙම තීරණය ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

එසේම, විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැදී සිටි බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව අදාළ ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top