Advertise with Giraya
NEWS

හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර චෙන්නායි සිට පැමිණි හතරදෙනෙක්…. චෙන්නායි සිට පැමිණි අයට විශේෂ දැනුම් දීමක්

අද (28) දිනයේ දි හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් අතර චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම, පසුගිය දා හඳුනාගත් ආසාදිතයන් අතර ද චෙන්නායි සිට පැමිණි දෙදෙනෙකු වන බව අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි. එබැවින් පසුගිය දින 14 ඇතුළත ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයන් සිටියි නම්, ඔවුන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක දැනුවත් කර වහාම ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස අනිල් ජාසිංහ මහතා දැනුම් දෙයි.

එසේ , ස්වයං නිරෝධායනයට යොමු වීමට නොහැකි කිසිවෙකු සිටියි නම්, ඔවුන්ට රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළත් විය හැකි බවත් ඔහු කියා සිටියි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top