Update 11.40 PM
කෝවිඩ් 19 වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව අද දිනයේ දී රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති අතර මුළු රෝගීන් ගණන 115 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, අද දිනයේ දී කොරෝනා වෛරසය නිසා ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු මරණය වාර්තා වූ අතර ඔහු මාරවිල පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් වේ.
දැනට, පුද්ගලයින් 199 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
Update 8.30 PM
තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව අද දිනයේ දී ආසාදිත රෝගින් 07 දෙනෙකු වාර්තා වී ඇති අතර මුළු රෝගීන් ගණන 113 දක්වා වැඩි වී ඇත.
Update 5.33 PM
අද (28) දිනයේ දී මේ වන විට තවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව අද දිනයේ දී රෝගීන් සිව් දෙනෙකු වාර්තා වුන අතර මුළු රෝගීන් ගණන 110 දක්වා ඉහළ ගොස් ඇත.

____________________________________________________________________________
Update 3.10 PM
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද දිනයේ දී මේ වන විට රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර මුළු රෝගීන් ගණන 109ක් වේ.
_____________________________________________________________________________
නව කොරෝනා වෛරසය ආසාදිත තවත් එක් රෝගියෙකු අද (28) දිනයේ දී වාර්තා වූ බවට වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 107 දක්වා ඉහළ යනු ඇත.
එසේම, වාර්තා වූ රෝගීන්ගෙන් 98 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 09 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
