Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිත 08ක් දැඩි සත්කාර ඒකකවල

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. ඉන් රෝගීන් 07 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා ප‍්‍රතිකාර ලබන්නේ වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය.

මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 109 කි. ඒ අතරින් පුද්ගලයින් 09 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර වෛරසය ආසාදිත බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 199 ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top