Advertise with Giraya
NEWS

ඇඳිරි නීතිය දැම්මත් ජනතාව පාර පුරා… කරපු කැප කිරීම් වතුරේ

කොරෝනා (කොවිඩ්-19) වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නොතකමින් ජනතාව ඊයේ (27දා) පෙරවරුවේ මහමඟට පැමිණ ගමන් බිමන් යෑමට පටන් ගැනීම නිසා මෙතෙක් දිනක් කළ කැපකිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියි.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී ඉතිහාසයේ කවර කලකවත් සිදු නොවූ පරිදි මාර්ගවල වාහන ඊයේ විශාල ලෙස ධාවනය වූ බවත් මිනිසුන්ද ආරක්ෂාව පිළිබඳ කිසිදු තැකීමක් නොකර සුපුරුදු පරිදි මාර්ගවලට පැමිණ සිටි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඉකුත් 19 වැනිදා සිට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා මෙම භයානක වසංගතයෙන් මෙරට ජනතාව ආරක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ගත් සියලු ක්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

Giraya News Alerts

පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහමඟ සැරි සරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතා ගැනීමටත් නොහැකි වූ බවද ඒ මහතා සඳහන් කළේය.

-මව්බිම-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top