ලොව පුරා මේ වන විට කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 26,000 ඉක්මවා තිබෙනවා. දැනට වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 574,829ක් වන අතර මරණ සංඛ්‍යාව 26,367ක් වේ. එසේම, සමස්ත ආසාදිතයන්ගෙන් දැනට 129,965 දෙනෙකු සුවය ලබා ඇති අතර 418,497 දෙනෙකු රෝගී තත්ත්වයේ පසුවේ.
මේ වන විට වෛරසය පැතිර ඇති රටවල් අතුරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර එය 93,000 ඉක්මවයි. ඊයේ (26) දිනයේ දී පමණක් ආසාදිතයන් 17,224 දෙනෙකු වාර්තා වී අතර ඉන් වැඩි දෙනෙකු වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙන් වේ.
ඉතාලියේ මේ වන විට මුළු ආසාදිතයින් 86,498 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගල මරණ සංඛ්‍යාව 9134 ක් වේ. ඉතාලියේ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවෙහි කිසියම් අඩු වීමක් අපේක්ෂා කළ ද පසුගිය 23 වන දා සිට යළිත් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවෙහි ක්‍රමයෙන් වැඩි වීමක් පෙන්නුම් කරයි. එසේම, අද(27) දිනයේ දී මේ වන විට මරණ 919ක් වාර්තා වී තිබේ.
