කොවිඩ්-19 වෛරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය අද (27) දින පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එම ප‍්‍රදේශයේ කිසිදු පුද්ගලයෙකුට එම ප‍්‍රදේශයෙන් පිටතට යාමට හෝ එම ප‍්‍රදේශයට ඇතුළුවීමට මේ මොහොතේ සිට අවසර නොලැබේ. මැදපෙරදිග සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ හැසිරීම මෙම තීරණයට හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් 26 දෙනෙකු සමීපව ඇසුරු කර ඇති බවයි.
මෙම පුද්ගලයා ඉකුත් දින කිහිපයේ පුද්ගල එක් රැස්වීම් රැසකට සම්බන්ධ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව බණ්ඩාරගම අටලූගම ප‍්‍රදේශයේ පවුල් 26 කට අයත් 200ක් පමණ පුද්ගලයින් එම ප‍්‍රදේශය තුළම නිරෝධායනයට ලක් කිරීමට ද තීරණය කර තිබෙනවා. මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඊයේ (26) දිනයේයි.
එසේම, කළුතර දිස්ති‍්‍රක් ලේකම් යූ ඞී සී ජයලාල් මහතා පවසන්නේ අටලූගම ප‍්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් මුරපල 08 ක් ස්ථාපිත කර ඇති බවත් පොලිස් විශේෂ කාර්යය බලකාය ජංගම මුරසංචාර ද කි‍්‍රයාත්මක කර ඇති බවත් දිස්ති‍්‍රක් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියි.
