Advertise with Giraya
NEWS

මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ලාංකිකයන්ගෙන් රජය ඉල්ලීමක් කරයි

මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙතින් රජය නිවේදනයක් නිකුත් කරමින් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.

විදෙස්ගතව සිටින ව්‍යාපාරිකයන්, සිසුන් හා රැකියාවල නිරත වුවන් මෙරටට නැවත ඒමට කරන ලද ඉල්ලීම් රට තුළ පවතින තත්ත්වය යහපත් අතට හැරුණ පසුව සලකා බලන බවත් එතෙක් තමන් වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙසත් රජය එම නිවේදනය මඟින් ඉල්ලා තිබේ.

රට තුළ වෛරසය පැතිර යාමට රජය විසින් විදේශවලින් පැමිණීම සම්පූරණයෙන්ම නවතා තබා ඇති බවත් සෙසු රටවල ද මෙම පියවර අනුගමනය කරමින් රටතුළ ගමනා ගමන කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බවත් එම නිසා, මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුන්ට ද මේ රෝගය වැළඳීමේ අවදානමක් පවතින බැවින් තමන් වෙසෙන ස්ථාන වලම ආරක්ෂිතව සිටින ලෙස රජය ඔවුන්ට දැනුම් දෙයි.

Giraya News Alerts

එසේම, පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත වූවන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ කොන්සියුලර් ජනරාල් කාර්යාල සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් සුරක්ෂිතව සිටින ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා එම නිවේදනය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

එම නිල නිවේදනය පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top