මේ වන විට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට බැවින් ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.
ඇඳිරි නීතිය කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශ්‍ය නිවේදනය කරයි.
ඒ අනුවථ ඇඳිරි නීතිය පනවා තිබෙන කාලය අතරතුර කිසිවෙකුට සිය අභිමතයට මාර්ගවලට පැමිණීමට නොකල යුතු බවත් කාර්යසාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ග වල ධාවනය කිරීමට හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.
තවද, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. විදේශීය සංචාරකයන් ද තැනින් තැනට ගෙන යාම ද මුළුමනින් ම තහනම් කර ඇත. කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා කටයුතු සහ ධීවර කර්මාන්තය සඳහා අවසර ලබා දී ඇත. එසේම, ගුවන් තොටුපොළ සහ වරාය සේවා ද පවත්වා ගෙන යනු ලබන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
පොලීසියට සහ ත්‍රිවිධ හසුදාවට ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවට එම නිවේදනය මඟින් උපදෙස් ලබා දී ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ.

