ඉතාලියේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කරන හෙදියකට වෛරසය අසාදනය වීමෙන් පසුව තමන්ගෙන් තවත් පුද්ගලයන්ට ආසාදනය වේ යැයි බියෙන් සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Daniella Trezzi නමැති 34 හැවිරිදි එම හෙදිය දැඩි සත්කාර ඒකකයේ පසුවන කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයට මෙම රෝගය වැළඳී ඇති අතර ඇයගෙන් තවත් පුද්ගලයන්ට ආසාදනය වේ යැයි දැනුණ බිය නිසා සියදිවි හානි කරගෙන ඇති බව එරට හෙදියන්ගේ සංගමය සඳහන් කරයි.
