කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටියි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පසුගිය 25 වෙනිදා ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ. එසේම, ඔහු යාපනය, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රංශයේ වෙසෙන 30 හැවිරිදි ලාංකිකයෙක් ද කොරෝනා වෛරසයට ගොදුරුව එරට රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසිමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ එලෙස දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකිකයාට කොරෝනා වෛරසය ආසාධනයවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා එරට වෙසෙන ශ්‍රී ලාංකික බලධාරීන් තමන් වෙත තහවුරු කර නොමැති බවයි.
