2020 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා වැට් බදු ගෙවිය යුතු දිනය 2020 අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කරන ලද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මේ අනුව පෙබරවාරි මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 මාර්තු 20 වන විටත්, මාර්තු මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 අප්‍රේල් 30 වන විටත් සිදුකළ යුතුව තිබුණු අතර අදාළ මාස දෙක සඳහා ම 2020 අප්‍රේල් 30 දක්වා මෙලෙස ගෙවීම් දීර්ඝ කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එම වාර්තාව නියමිත දිනට ලබාදීමට පහසුකම් සපයා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කරයි. කෙසේවෙතත් අදාළ බදු වාර්තාව වෙබ් අඩවිය හරහා හෝ ගෙනවිත් භාරදීමට අපේ‍්‍රල් 30 වැනිදා දක්වා සහන කාලයක් ලබාදෙන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පිළිබඳ නිවේදනය පහතින් දැක්වේ.


