Advertise with Giraya
NEWS

කොරෝනා රෝගීන්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවලට

ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කර ගැණුනු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

ඉන් සිව් දෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේ ද අනෙක් රෝගියා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේද ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

මීට අමතරව ඊයේ (26) දිනයේ ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කළ නව කොරෝනා ආසාධිතයන් ගණන 106 ක් දක්වා වැඩි වුණා. ඒ, තවත් නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු ඊයේ (26) පස්වරුවේ තහවුරු කර ගැනීම හේතුවෙන් ය.

Giraya News Alerts

සමස්තයක් ලෙස මේ දක්වා කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 6 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ කොරෝනා රෝග ලක්‍ෂණ වේ නම් වහාම රජයේ රෝහලකට ඇතුළත් වන ලෙසයි.

කොරෝනා රෝග ලක්‍ෂණ පහලවී පෞද්ගලික රෝහල් දෙකකට ඇතුළත් වූ රෝගීන් දෙදෙනෙකු පිළිබද ඊයේ තොරතුරු වාර්තා වූ අතර ඉන් එක් අයෙකු පසුව අංගොඩ IDH රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් පිරිසක් අද දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමටද නියමිත බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top