මේ අතර රටට අවේණික ස්වයංපෝෂිත ආර්ථික රටාවක් කෙරහි අවධානය යොමු කරමින් කටයුතු කිරීම රටේ ජනතාවට ඉතාමත්ම වැදගත් බවත් කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන බලපෑමද සැලකිල්ලට ගෙන රජය විසින් කුඩා තේ වතු හිමියන්ටත් සහන ලබා දීමට ඊයේ (26) කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (26) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මේ අතර, කිසිදු ආදායමක් නොලැබෙන පවුල් සඳහා ආහාර හිමිකම්පතක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළා.
මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දක්වන ලද අදහස්වල සංෂිප්තය පහතින් දැක්වේ.


