ඇඳිරි නීති තත්ත්වය තුළ රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි රෝගීන්ට ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බවත් එය අනිද්දා වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ දී බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ බවත් ඒ අනුව අද දින යුද හමුදාපති සහ තැපැල්පතිතුමා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය තීරණ ගත් බවත් ය.
ඒ අනුව, අනිද්දා සිට සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ඔවුන්ගේ සායනික පොත් භාවිතා කර පැකට් කරන ලද ඖෂධ තැපැල් නිලධාරීන් හරහා ලබා ගත හැකි බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියේ. එම නිසා, රජයේ රෝහල්වල සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වැරදි තොරතුරු ලබා දී ඇත්නම් අදාළ රෝහල වෙත දුරකථන ඇමතුමක් ලබා දී ලිපිනය, දුරකථන අංකය ආදිය පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස ද ඔහු දැනුවත් කර සිටියා.
එසේම, පෞද්ගලික ඖෂධශාලා මඟින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට ද මෙම පහසුකම අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළා. එහිදී රෝගින් විසින් තමන් ඖෂධ ලබා ගන්නා ඖෂධශාලාවන් දැනුවත් කළ යුතු බවත් රජය විසින් ඔවුන්ව මෙම වැඩපිළිවෙල පිළිබඳව අදාළ අංශ හා ඖෂධශාලා හිමියන්ගේ සංගමය වෙතින් දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
තවද, අනිද්දා දිනයේ පටන් මේ පිළිබඳව සුපරීක්ෂාවන් සිදු කෙරෙන බවත් අඬුලුහුඬුකම් පැවතියහොත් ඒවා දියුණු කිරිමට කටයුතු සිදු කරන බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියි.
මේ සියල්ල පිළිබඳව සැලකිලිමත් වී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් කැපවිමෙන් කටයුතු කරන්නේ සමාජ දුරස්ථභාවය තබා ගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය නිසා බැවින් මෙය බිඳුනහොත් රජය විසින් වගකීමෙන් කරන කටයුතු වලින් ඵලක් නොවන බැවින් එම කැපවීමට වගකිව යුතු පුරවැසියන් ලෙස අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියි.
