එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමේදී විශිෂ්ට සේවාවක් කළ රණවිරුවකු ලෙස සැළකෙන, එහෙත් පසුව මරණ දඬුවම නියම වූ දිගු දුර විහිදුම් බලකායේ සැරයන් සුනිල් රත්නායක, නිදහස් කර ඇති බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් නිකුත් කරමින් පවසනවා.
මෙලෙස නිදහස් කළ හැක්කේ ජනාධිපති සමාව යටතේ වන අතර වීඩියෝව තුළ එවැන්නක් සඳහන් නොවේ. එසේම, ආරක්ෂක ලේකම්වරයා උන්වහන්සේ අමතා දැනුවත් කර ඇති බවද එම වීඩියෝවේ දී උන්වහන්සේ සඳහන් කර තිබේ.
මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ද නිකුත් වී නොමැති වුවත් මැඩිල්ලේ හිමියන් කියා සිටින්නේ ඔහු මේ වන විට නිවසට යමින් සිටින බවයි.
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු ඝාතනය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කර තිබූ අතර අයුක්ති සහගත ලෙස සිරගත කළ රණවිරුවන් නිදහස් කරන බවට පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුණා.
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ වීඩියෝව පහතින්
