මේ වන විට ලොව පුරා කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 21,297 ක් බවට වාර්තා වී ඇත. එමෙන්ම, ලොව පුරා වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 471,687ක් දක්වා වැඩි වී ඇත. මින්, 335, 694 දෙනෙකු ආසාදිත තත්ත්වයේ සිටියි.
ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර ඒ මරණ 683ක් වේ. ඉතාලියෙන් පසුව මේ වන විට යුරෝපයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයට වන අතර එහි ඊයේ (25)දිනයේ දී මරණ 656ක් වාර්තා වේ.
නමුත්, ඊයේ (25) දිනයේ දී ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් වේ. ඒ ආසාදිතයින් 13, 355කි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට කොරෝනා වෛරසය පැතිරීමේ මීළඟ කේන්ද්‍රස්ථානය වනුයේ ඇමරිකා එක්සත් ජනපදයයි. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් මරණ 247ක් ද වාර්තා වේ. ඒ අනුව, මුළු මරණ සංඛ්‍යාව 1027කි.
ඇමරිකා එක්සත් ජනපදයෙන් පසුව ගත වූ පැය 24 තුළදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙන් ය. ඒ මරණ පුද්ගල මරණ 231ක් වන අතර මුළු මරණ සංඛ්‍යාව 1331 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (25) දිනයේ දි නව ආසාදිතයින් 2929 දෙනෙක් ප්‍රංශයෙන් හඳුනා ගෙන තිබේ.
ඉරානයෙන් ගත වූ පැය 24 තුළ දී පුද්ගල මරණ 143ක් වාර්තා වී තිබෙන අතර නව ආසාදිතයින් 2206 දෙනෙකු වාර්තා වී ඇත. දැනට ඉරානයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් ගණන 27,017 ක් වන අතර පුද්ගල මරණ 2077 ක් වේ. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දී ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාවේ යම් කිසි අඩු වීමක් පෙන්නුම කළ ද ඊයේ දිනයේ දී වාර්තා වූ මරණ 143ත් සමඟ සහ නව ආසාදිතයින් 2206 ක් වාර්තා වීමත් සමඟ තත්ත්වය යහපත් අතට හැරිමක් අපේක්ෂා කළ නොහැක.
