නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝගීව සිට සුවය ලැබූ පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා රුධිර ප්ලාස්ම එම රෝගයෙන්ම පෙළෙන පුද්ගලයෙකුට ලබාදීමේ පැරණි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් අත්හදා බැලීමට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
එම ක්‍රමවේදය, සියවස් ගණනක් පැරණි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වන අතර මෙය චීනය විසින් සිය කොරෝනා රෝගීන් සඳහා අත්හදා බලා ඇත. සුවය ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ව යලි පරික්ෂා කර බලා ඔවුන්ගේ රුධිර ප්ලාස්ම ලබා ගැනීම සිදුකරන අතර පසුව එය දැනට රෝගීව සිටින පුද්ගලයින්ට ලබාදීම සිදුකරනු ලබයි.
මෙමඟින් කොරෝනා වෛරසයෙන් සුවය ලද පුද්ගලයින්ගේ ශරීරයේ ඇති ප්ලාස්මවල තිබෙන ප්‍රතිදේහයන්වලට කොරෝනා වෛරසය සමග සටන් කිරීමේ ශක්තිය රෝගීයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ලබාදීමට හැකි බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.
නිව්යෝර්ක් නගරයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 25,000 කට අධික පිරිසක් වාර්තා වන අතර ඔවුන්ට රුධිර ප්ලාස්ම ලබාදීමේ ක්‍රමවේදය හරහා ප්‍රතිකාර ඇරඹීමට හැකි බව එහි ආණ්ඩුකාර Andrew Cuomo ඉකුත් සඳුදා (24) ප්‍රකාශ කර සිටියා.
කොරෝනා වෛරසයට නිසි ප්‍රතිශක්තිකරණ ක්‍රමයක් හෝ ඖෂධයක් සොයා ගෙන නොමැති පසුබිමක මෙම අත්හදා බැලීම කොරෝනා වෛරසය වැළදී ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා මෙම ක්‍රමය යොදා ගෙන අත්හදා බැලීම සිදුකළ යුතු බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.
ඒ අනුව ඉදිරියේදී අමෙරිකානු රසායනාගාර වලට කොරෝනා වෛරසය වැළදී සුවය ලද පුද්ගලයින්ට සිය රුධිර සාම්පල් පරිත්‍යාග කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
