Advertise with Giraya
FOREIGN

චාල්ස් කුමරුටත් කොරෝනා වැළඳේ

මේ වන විට 71 වන වියේ පසුවන මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

ඔහුට මේ වන විට ඇතැම් රෝග ලක්ෂන මතු වී තිබෙන නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවත්, චාර්ල්ස් කුමරුගේ 72 හැවිරිදි බිරිඳ වන කැමිලාට කොරෝනා වෛරසය වැළඳී නැති බවට පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා. නමුත්, ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ ස්කොට්ලන්තයේ පිහිටි නිවසේ සිට නිරෝධායන ක්‍රියාවලියට යොමු වී ඇති බවත් කුමරු නිවසේ සිට තම රාජකාරි කටයුතු සිදු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Giraya News Alerts

චාල්ස් කුමරුන් මේ මාසයේ මුල දී මොනාකෝ රාජ්‍යයේ ඇල්බට් කුමරුන් මුණ ගැසී ඇති අතර ඔහුට ද පසුගිය දා කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණා. කුමරුන් පසුගිය 14 වැනි දා බ්‍රිතාන්‍යයේ මහ රැජිණ හමු වීම ගොස් ඇති නමුදු ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top