Advertise with Giraya
NEWS

කොරෝනා වැළඳි සුවය ලැබූ තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිට වෙයි

අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා ඇති බව රෝහල් ආරංචිමාර්ග සදහන් කළේය. ඒ අනුව, වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව, මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 99 දෙනෙකු රෝහල් 3 ක ප්‍රතිකාර ලබයි. අයි.ඩී.එච්රෝහලේ රෝගීන් 88 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් දස දෙනෙකු සහ මුල්ලේරියාව මූලික රෝහලේ එක් රෝගියෙකු ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මීට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 255 දෙනෙකු දිවයිනේ රෝහලේ 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රැදී සිටින බව ද සදහන්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top