Advertise with Giraya
NEWS

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් මිය ගොස් නැති බව තානාපති කාර්යාලය තහවුරු කරයි

Update 9.00 pm

කොරෝනා වෛරසය වැළඳුන ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඉතාලියේ සිටින බවට පළවන වාර්තා තහවුරු කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම, විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටින්නේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය වැළඳී ඉතාලියේ රෝහල්ගතව සිටින බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි. එසේම, මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ද විමසීම් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුව නොමැත.

Giraya News Alerts

තවද, ඉතාලියේ වෙසෙන 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය වැළඳී මියගොස් ඇතැයි යන පුවත් වාර්තා සම්බන්ධයෙන් ද ඉතාලි තානාපති කාර්යාලය සඳහන් කරන්නේ එලෙස කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් නොමැති බවයි.

කෙසේ වුවද, ඉතාලියේ වෙසෙන 40 – 50ත් අතර ශ්‍රී ලාංකිකයින් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව ‘අද දෙරණ’ ප්‍රධාන පුවත් වලදී වාර්තා කළේ ය.

____________________________________________________________________________

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

එමෙන්ම වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇතැයි ද වාර්තා වෙයි. කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර වෛරසය ආසාදිත බවට සැකකරෙන පුද්ගලයින් 08 දෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව රෝම තනාපති කාර්යාලය සඳහන් කළේය.

-Aruna-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top