Advertise with Giraya
FOREIGN

‘හන්ටා’ නම් නව වෛරසයකින් චීනයේ පුද්ගලයෙකු මරුට

චීනයේ යූනාන් සිට ෂැංඩොං කරා ගමන් කළ පුද්ගලයෙකු ‘හන්ටා’ නම් වෛරසයක් හේතුවෙන් බස් රථය තුළ දී ම මරණයට පත් වී තිබෙනවා. ඔහු සමඟ බස් රථයේ ගමන් කළ මගීන් 32 ම මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙය කොරෝනා වෛරසයට සමානකමක් දක්වන නමුත් මෙය ඒ තරම් දරුණු නොවන බවත් එය සුළඟින් පැතිර නොයන බවත් ය.

එසේම, මෙම වෛරසය මීයන් මඟින් ඇති වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මීයන්ගේ මල මුත්‍රා හෝ මීයන් ගැවසෙන ස්ථාන ස්පර්ශ කර දෑස්, නාසය හෝ කට අත ගෑමෙන් මෙම වෛරසය වැළඳීමට ඉඩකඩ ඇති බවයි වාර්තා වන්නේ

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top