මේ වසරේ දී ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ගිම්හාන ඔලිම්පික් උළෙල ලොව පුරා පැතිර යන කෝවිඩි 19 වෛරසය හේතුවෙන් ලබන වසර දක්වා කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.
එම කමිටුවේ සාමාජික ඩික් පවුන්ඩ් සඳහන් කරන්නේ ඔලිම්පික් උළෙල ලබන වසරේදී පැවැත්වෙන දිනය දැනට තීරණය කර නොමැති වුවත් ජුලි මස 24 වන දින ස්ථීරවම නොපැවෙත්වෙන බවයි.
මහා බ්‍රිතාන්‍ය මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී නොවන බව දැනුම් දීමත් සමඟ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. එසේම, මීට පෙර ඔස්ට්‍රේලියාව හා කැනඩාව ද මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී නොවෙන බව දැනුම් දී තිබුනා.
