Advertise with Giraya
NEWS

Breaking News: කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ වැඩි වීමක්… ආසාදිතයින් ගණන 97 දක්වා ඉහළට

Update 11.03 PM

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Giraya News Alerts

අද දිනය තුළ පමණක් වෛරසය ආසාදනය වු පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වු බව අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

එසේම, මේ වන විට රෝගීන් 227 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටියි.

Update at 10.40 PM

මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 94 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

_____________________________________________________________________________

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 91ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 227 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි. වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top