Advertise with Giraya
NEWS

කොරෝනා වැළඳී රොහලේ සිටි පුද්ගලයෙකුගේ පවුලේ අයටත් වෛරසය ආසාදනය වෙයි

පෙබරවාරි මාසයේ දී ඉතාලියේ සිට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයන්ට ද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහුගේ 88 හැවිරිදි මවට, 51 හැවිරිදි බිරිඳට සහ 23 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ජා – ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

ජා – ඇල කපාලකන්ද ප්‍රදේශයේ පදිංචි 64 හැවිරදි පුද්ගලයෙකුද කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කර ඇති බව ජා – ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය. මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි පිරිසක් සමඟ ඇසුරු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ඒ මහතා පැවසීය.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සියලු දෙනාම ප‍්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ පවුල් වල සමාජිකයන් දෛනික පරීක්ෂාවට ලක් කරන බවත් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top