උතුරු මැද පලාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබෙනවා.
ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.


මීට පෙර උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතා කටයුතු කල අතර ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නාම යෝජනා අත්සන් කිරීම සදහා එම ධුරයෙන් ඉල්ලා අස් වුනා.
මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කල වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නාම යෝජනා අත්සන් කිරීම සදහා එම ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා එම ධුරයද පුරප්පාඩුව පවතිනවා.
