විදේශගතව සිට මේ මස පළමු වැනිදා සිට 15 වන දින දක්වා මෙරටට පැමිණි පුද්ගලයන් 15,000ක පමණ සංඛ්‍යාවක් සිය තොරතුරු ලබා දී ලියාපදිංචි වී තිබේ.
මෙතෙක් පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාම පොලීසියේ ලියාපදිංචි වන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලිමක් කරයි.
සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.
