Advertise with Giraya
NEWS

ස්විස් පූජකවරයාගෙන් කොරෝනා වැළඳුන පුද්ගලයෙක් IDH රෝහල වෙත මාරු කර යැවේ

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ස්විස්ටර්ලන්තයේ පූජකවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ බැතිමතෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව එම රෝගියා අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවූ බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති මහතා තහවුරු කර සිටියි.

අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් කිතුනු පල්ලියක ස්විස්ටර්ලන්තයෙන් පැමිණි පූජකවරයෙකු විසින් පැවත් වූ දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම හා යාපනය යන් දිස්ත්‍රීක්කයන්හි බැතිමතුන් 150 ක් පමණ සහභාගී වී තිබේ.

දේව මෙහෙය පැවැත් වූ පූජකවරයා නැවත එරටට ගිය පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරව එම පූජාවට සහභාගී වූවන් සොයා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් පරික්ෂණ සිදු කරන ලදී.

Giraya News Alerts

කෙසේ වෙතත්, මේ වන විට අදාළ පූජාවට සහභාගී වූ පිරිසෙන් 40 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඉන් යාපනය ශික්ෂණ රෝහලට තිදෙනෙක්ද වව්නියාව මහරෝහලට 09 දෙනෙක්ද සිරුරේ ඇති වූ අසනීප හා උණ තත්වයන් හේතුවෙන් ඇතුළත් කර තිබෙනවා.

එසේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වූ රෝගීන් තිදෙනාගෙන් එක් අයෙකුට සිදුකරන ලද පරික්ෂණ වලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් වහාම එම රෝගයා අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවූ බවත් අනෙක් රෝගීන්ට වෛරසය ආසාදනය වී ඇත් දැ යි යන්න පරික්ෂණ කටයුතු තවමත් සිදු කෙරෙන බවට ද වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top