Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ජර්මනියේ චාන්ස්ලර්වරියත් ස්වයං නිරෝධායනයට

ජර්මනියේ චාන්ස්ලර්වරිය වන ඇන්ජෙලා මර්කල් ද ස්වයං නිරෝධායනයට ලක් වීමට තීරණය කර තිබෙනවා. එයට හේතු වී තිබෙන්නේ පසුගිය සිකුරාදා (20) දිනයේ දී ඇයට එන්නතක් ලබා දුන් වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇයට රෝගය වැළඳී ඇති බවට තහවුරු වී නැති බැවින් මෙසේ ඇය නිවසේ සිට ස්වයං නිරෝධායනයට යොමු කිරීමට තීරණය කර ඇති බවයි. කෙසේ වුව ද ඇය තම රාජකාරි කටයුතු නිවසේ සිට සිදු කිරීමට නියමිත ය.

ඊයේ (22) දිනයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජර්මනියේ චාන්ස්ලර්වරිය එම රටේ පුරවැසියන්ට එකිනෙකා ස්පර්ශ කිරීම තහනම් කිරීමත් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් එක් රැස්වීමත් තහනම් කරන ලදී. එසේම, ජනතාව එකිනෙකා අතර අවම වශයෙන් මීටර 1.5 ක් හෝ මීටර 2ක් පමණ පරතරයක් තබාගෙන කටයුතු සිදු කළ යුතු බවත් ඇය එහිදී සඳහන් කළා. මිට අමතරව, ජර්මනියේ අවන්හල්, රූපලාවන්‍යාගාර වසා දැමීමට ද ඇය නියෝග කළාය. මෙම නියෝගයන් තව සති දෙකක් පුරාවට බලපැවැත්වෙන බවයි ඇන්ජෙලා මර්කල් වැඩි දුරටත් එහිදී සඳහන් කර සිටියේ.

Giraya News Alerts

කෙසේ වුව ද මේ වන විට ස්වයං නිරෝධායනයේ සිටින අවස්ථාවේදී චාන්ස්ලර්වරියට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති ද යන්න සඳහා නිරන්තරයෙන් පරීක්ෂණ සිදු කරන බව ඇයගේ මාධ්‍ය ප්‍රකාශක Steffen Seibert සඳහන් කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top