Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

පැය 24ක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඇමරිකාවෙන්… ලොව පුරා කොරෝනා මරණ 14,000 ඉක්මවයි

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර ලෙස ඉහළ යාමක් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. ඒ පැය 24 ක් තුළ දී වෛරසය ආසාදනය වූ වැඩිම රෝගීන් ගණනක් වන 9373ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් සොයා ගැනිමත් සමඟය. මෙයින් 5418 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිව්යෝර්ක් නගරයෙන් ය.

එසේම ගත වූ පැය 24 තුළ දී මරණ 112ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස රෝගය පැතිර යාමත් සමඟ රට පුරා වෛද්‍ය පහසුකම්වල හිඟයක් ඇති වි බවත් කෘතිම ස්වසනය ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් හා රෝහල් කාර්යමණ්ඩල හිඟයක් ද ඇති වී ඇති බවත් නිව්යෝර්ක නගරාධිපති Bill de Blasio මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

Giraya News Alerts

එසේම, නිව්යෝර්ක් ආණ්ඩුකාර Andrew Cuomo පවසන්නේ මේ වන විටත් රෝහල් සඳහා අවශ්‍ය අමතර ඇඳන් හා අවශ්‍ය උපකරණ සැපයීමට සමහර ප්‍රදේශවල තරඟයක් ඇති වී ඇති බවයි. එසේම, අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම් සඳහා රජයට ලොව පුරා සෙවීම් සිදු කිරීමට සිදුව ඇති බවත් ය.

ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 340,408 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගල මරණ 14,573ක් වාර්තා වේ. චීනයෙන් පසුව දැනට වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන් ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top