Advertise with Giraya
NEWS

උතුරේ දිස්ත්‍රික්ක 5ට පනවා ඇති ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා තෙක් දීර්ඝ කෙරේ

උතුරු පළාතේ මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 තුළ පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.

මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

එසේම, උතුරේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත.

Giraya News Alerts

පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී.

දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇත. උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top