කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද බොහෝ ව්‍යපාර හා වෘත්තීය කටයුතු ඇණ හිට තිබෙනවා. ඇඳිරි නීතිය පැනවීම හා යම් යම් ව්‍යාපාර සඳහා සීමා වැටීම එම තත්වයට තවත් බලපෑම් කර තිබෙන අතර එම තත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාරික ණය අයකර ගැනීම මාස 6කට අත්හිටුවන ලෙසයි. ඒ අනුව යමින් මේ වන විට ජනතාවද එම සහනය ඉල්ලා සිටිනවා.
ඔවුන් කියා සිටින්නේ තමන්ද දැඩි අසීතාවයකට ලක්ව සිටින බවයි. වෘත්තීයවේදීන්ගේ සිට ස්වයං ව්‍යාපාර සිදුකරන බොහෝ දෙනෙක් දක්වා එම තත්වය දැඩි ලෙස බලපෑම් කර ඇති අතර මෙම දිනවල ඔවුන්ගේ ආදායම් මාර්ග අවහිර වී ඇති බව ඔවුන් පවසනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ පෞද්ගලික මට්ටමෙන් ලබාගත් ණය අය කිරීමද මාස 6කටවත් අත්හිටුවා දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පළ කළ එක් පෝස්ටුවක් දස දහසකට අධික පිරිසක් බෙදා හැර තිබෙනවා. එම පෝස්ටුව පහතින්.

