Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න අඩු වියදමකින් නිර්මාණය කළ ආරක්ෂිත ඇඳුම

දිරායන පොලිතීන් භාවිත කර සකස් කරන ලද රෝහල් සේවකයින්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුමක් අම්පාර මහා රෝහලේ ආසාදන පාලන ඒකකය මගින් අඩු වියදමකින් නිර්මානය කරගෙන තිබෙනවා. මෙම ඇඳුම එක්වරක් පමනක් භාවිතා කල හැකි බව අම්පාර මහා රෝහලේ ක්ෂද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය දර්ශණ වික්‍රමසිංහ පවසනවා.

දැනට මෙය ලංකාවේ අනෙක් රෝහල්වලටත් හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළා. අම්පාර මහා රෝහලේ සේවය කරන සියලු කාර්ය මණ්ඩල සඳහා මෙම ආරක්ෂිත ඇදුම ලබා දෙන බවද සඳහන් කෙරුණා.

කොරෝනා වෛරසය ආසාදනයට ලක් වූ පුද්ගලයන් පැමිණියහොත් ඔවුන්ට ලබාදීමට හැකි මුලික ප්‍රතිකාර ලබාදීම සඳහා අම්පාර මහා රෝහලේ ස්ථාන කිහිපයක් සහ කාර්ය මණ්ඩල සුදානම් කර ඇති බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක සඳහන් කළා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top