ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 28 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරවෙල, පොරවගල, මහඋල්පත ප‍්‍රදේශයේදී මත්පැන් පානය කර කී‍්‍රඩා පිටියක නිකරුනේ ගැවසෙමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ (20) රාතී‍්‍ර 10 යි 15 ට පමණ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පැවසුවා.
හපුතලේ ප‍්‍රදේශයේදී ආපනශාලාවක් විවෘතව තබාගත් පුද්ගලයෙකු ද ඊයේ රාති‍්‍රයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක නගරයේදී නිකරුනේ මාර්ගයේ ගැවසෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.
මේ අතර ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 10 දෙනෙකු දඹුල්ල පොලීසිය මගින් අද(21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල කැකිරාව මාර්ගයේ බුලාගල ප‍්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි දඹුල්ල පොලීසිය පැවසුවේ. එළවළු දන්සැලක් දෙන බවට ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ ඡයාරූපයක් දැක කි‍්‍රයාත්මක වූ පොලීසිය එය සංවිධාන කළ පිරිස සහ එළවළු ලබාගැනීමට පැමිණි පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනඇති අතර වලස්මුල්ල නගරයේ දීඇදිරි නීතිය කඩකරමින් ටිපර් රථ දෙකකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල, විතාරන්දෙනිය මාර්ගයේ බීමතින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ අම්පාර මුවන්ගල ප්‍රදේශයේ දී මාර්ගයේ නිකරුණේ ගැවසෙමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සදහන් කළේය
