Advertise with Giraya
FOREIGN

කොරෝනා වෛරසය ලොව පුරා 11,417 කගේ ජීවිත අහිමි කරයි.. ඇමරිකාවටත් මරණ ඉහළ යෑමේ අවදානමක්

ලොව පුරා නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 11,417ක් වාර්තා වේ. එමෙන්ම, මේ වන විට ආසාදිතයින් 276,528 දෙනෙකු වාර්තා වෙයි. එසේම, පුද්ගලයින් 91,954 දෙනෙකු සුවය ලබා ඇත.

කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ දී වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූයේ පෙර දිනයේ දී මෙන් ඉතාලියෙන්ය . ඒ පුද්ගල මරණ 627 ක්. ඉතාලියේ මේ වන විට හඳුනාගත් ආසාදිතයින් 47,021 දෙනෙකු වාර්තා වන අතර මරණ 4032ක් වාර්තා වේ. දැනට ආසාදිතයින් 37,860 දෙනෙකු ඉතාලියෙන් වාර්තා වන අතර ඉන් 2655 දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.

ඉතාලියෙන් පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් අද (21) දිනට වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර ඒ මරණ 1093ක් වේ. ගෙවුණු පැය 24 තුළ දී රෝගීන් 235 දෙනෙකු කොරෝනා වෛරසය නිසා ස්පාඤ්ඤයේ මිය ගොස් ඇති අතර මරණ 1000 ක් ඉක්ම වු 4 වැනි රට බවට මේ වන විට ස්පාඤ්ඤය පත් වී ඇත.

Giraya News Alerts

ඉරානයේ ගත වූ පැය 24 තුළ දී මරණ 149ක් වාර්තා වූ අතර දැනට වෛරසය නිසා මරණයට පත් වූ සංඛ්‍යාව 1433ක් බවට වාර්තා වේ. පසුගිය බ්‍රහස්පතින්දා එරට මාධ්‍ය වාර්තා කළ අන්දමට සෑම මිනිත්තු 10කට වරක්ම ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණයක් වාර්තා වී ඇත. ඉරානයේ මේ වන විට හඳුනාගත් මුළු රෝගීන් ගණන 19644ක් වන අතර දැනට 11,466 දෙනෙකු රෝගී තත්ත්වයේ පසුවේ.

මේ අතර, ගත වූ පැය 24 ඇතුළත නව ආසාදිතයින් 5000කට අධික පිරිසක් ඇමරිකාවෙන් සොයා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වේ. එමෙන්ම, ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් පුද්ගල මරණ 49 ක් වාර්තා වේ. මේ වන විට ඇමරිකාවේ ආසාදිතයින් 19,774 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 275 ක් වාර්තා වේ.

ජර්මනියේ තත්ත්වයද මේ වන විට අයහපත් තත්ත්වයක් පෙන්නුම් කරන අතර ගෙවුනු පැය 24 තුළදී නව ආසාදිතයන් 4528 දෙනෙකු වාර්තා වේ. මුළු මරණ ගණන 68ක් වන අතර ගත වූ පැය 24 තුළ දී ජර්මනියෙන් සිදු වූ ඉහළම මරණ ගණන වාර්තා කරමින් පුද්ගල මරණයන් 24 ක් සිදුව තිබේ. දැනට ජර්මනියෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 19,848ක් වන අතර ඉන් 19,600 දෙනෙකු දැනට ආසාදිත තත්ත්වයේ පසුවන්නන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top