නව කොරෝනා වෛරසය මර්දනය සඳහා විසබීජ නාශක ලෙස භාවිතයට ගැනීමට දැනට රාජසන්තක කර තිබෙන “එතනෝල් ලීටර් ලක්ෂයක් ඊයේ (20) අධිකරණය මාර්ගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අධිකරණ, මුදල් යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා අවශ්‍ය විසබීජ නාශක ඉසින හා අත් සනීපාරක්ෂක දෝවන නිපදවීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලෙස මෙම “එතනෝල්” යොදා ගැනීම සැලසුම වී ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසනවා. රාජසන්තක කර තිබෙන එතනෝල් ලීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණය අම්පාර මහෙස්ත්‍රාත් හංසදේව සමරදිවාකර මහතා ඉදිරියේ ඊයේ (20දා) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී තිබෙනවා.
මෙම එතනෝල්, රජයේ අනුමත පර්යේෂණාගාර විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන සහ රජයේ රෝහල්, සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතුවල යෙදෙන දෙපාර්තමේන්තු සඳහා ලබාදීමට නියමිතයි.
