Advertise with Giraya
BUSINESS

රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළට.. කොටස් වෙළඳපොළත් 12ට වසා දමයි

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මේ නිසා රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත වැටී ඇත. ඒ අනුව, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 188 ශත 21 දක්වා පහත වැටී ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. පසුගිය 13 වනදා ඇ.ඩො. 185.05ක් ලෙස සටහන්ව තිබූ රුපියලේ අගය මේ වන විට ඉතිහාසයේ වාර්තා කළ අඩුම අගය වාර්තා කර ඇත.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ආසියාවේ සහ යුරෝපයේ මුදල් ඒකක අද දුර්වල තත්ත්වයක් පෙන්නුම් කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

මේ අතර, අද (20) දින කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා අද පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් ගනුදෙනු පැවැත්වීමට කලින් තීරණය කර තිබුණි. නමුත් රජය විසින් අද (20) පස්වරු 6 සිට ලබන 23 වනදා උදෑසන 6 වන තෙක් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළඳපොලේ ගණුදෙනු අද මධ්‍යහන 12 ට අවසන් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

Giraya News Alerts

සුගිය මාර්තු 13 වනදායින් පසු අද දින මුල් වරට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අද (20) දින විවෘත කළ අතර රටපුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කාර්ය මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව යාමේ හැකියාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව කොටස් වෙළෙඳපොළ නිවේදනයකින් වැඩිදුරටත් දන්වා ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top