කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ සිදු වූ මරණ ගණන මේ වන විට චීනය අභිබවා යමින් තිබේ. ඒ, ඊයේ දිනයේ දී සිදු වූ මරණ 427ත් සමඟ පුද්ගලයින් 3405 දෙනෙකුගේ මරණ සටහන් කරමින් ය. චීනයෙන් මේ වන විටත් වාර්තා වන්නේ මරණ 3248ක් වන අතර 6569 දෙනෙකු ආසාදිත තත්වයේ පසුවෙයි.
ඉතාලියේ මේ වන විට මුළු රෝගීන් සංඛ්‍යාව 41,035ක් ලෙස වාර්තා වන අතර දැනට ඉන් 33,190 දෙනෙක් ආසාදිත තත්ත්වයේ පසුවෙයි. ඉන් 2498 දෙනෙකුගේ තත්වය බරපතල බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කරයි. එමෙන්ම, ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වුනු නව කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 5,322 ක් වනවා.
ඉතාලියෙන් පසුව ගත වූ පැය 24 තුළ දී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන් ය. ඒ මරණ 149 ක් ලෙසින් ය. ඒ අනුව, ඉරානයේ නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදු වූ මරණ 1,284 ක් හා අසාදිතයින් 18,407 ක් වාර්තා වේ.
මේ අතර ගතවු පැය 24 තුල ස්පාඤ්ඤය තුළ නව කොරෝනා ආසාදිතයින් 193 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරටින් ආසාදිතයින් 18,077 ක් වාර්තා වන්නේ මුළු මරණ 831 ක් ද සමගයි.
මීට අමතරව නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවු පැය 24 ක කාලය තුළ ප‍්‍රංශයෙන් 108 ක්, අමෙරිකාවෙන් 57 ක්, බි‍්‍රතාන්‍යයෙන් 40 ක් සහ නෙදර්ලන්තයෙන් 18 ක් ලෙස පුද්ගල මරණ වාර්තා වනවා.
ඒ අනුව ගතවූ පැය 24 තුලදී ලොව රටවලින් වාර්තා වන මුළු කොරෝනා මරණ ගණන 1,079 ක්.
මේ වන විට ලොව පුරා සිදුව ඇති මුළු කොරෝනා මරණ 10,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 10,030 ක්. ලොව පුරා සිටින මුළු කොරෝනා ආසාදිතයින් ගණන 244, 779 ක් වනවා.
