පසුගිය 08 වන දා මූන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් මූන්දලම පොලීිසිය සහ එම පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන්ව ස්වයං නිරෝධායනය කිරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් කටයුතු ආරම්භ කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ඉතාලියේ සිට මෑතකදී දිවයිනට පැමිණ තලවිල දේවස්ථානය දක්වා ගමන් කරමින් සිට ඇති අතර මදුරන්කුලිය ප්‍රදේශයේදී වෑන් රථයක පා පැදියක් ගැටීමෙන් අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසිය තුළ රඳවා සිට ඇත. පසුව සැකකරුව පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
බන්ධනාගාරයෙන් මුදා හැර ඇති සැකකරු පසුව අසනීප තත්ත්වයක් පෙන්නුම් කර ඇති අතර ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇති බවට සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසියේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් නිලධාරීන්ව ස්වයං නීරෝධයනය කිරීම අද (19) සවස ආරම්භ කර ඇත.
සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම රිමාන්ඩ් සිර මැදිරිය මෙන් මීගමුව රිමාන්ඩ් සිර මැදිරියද ඔහු සමග රදවා සිටි සෙසු රැඳවියන්ද නිරෝධායනය කිරීමට සිදුවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.
