පැතිර යන කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවට එක් රැස් නොවන ලෙස රජය ලබා දී ඇති උපදෙස් නොතකා ඊයේ (18) රාත්රියේ බේරුවල ප්රදේශයේ දී පැවති ෆේස්බුක් සාදයක් පොලීසිය විසින් වටලා තිබේ.
බේරුවල ගාලු පාරේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක මෙම සාදය පවත්වා ඇති අතර පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබේ. එහිදී, තරුණියන් දෙදෙනෙකු ඇතුළුව 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සියළු දෙනා මත්ව සිට ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස බේරුවල, රත්මලාන, බලපිටිය යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 18-30ත් අතර පසුවේ. අත්අඩංගුවට ගත් පිරිසෙන් වැඩි දෙදෙනෙකු මුස්ලිම් තරුණ තරුණියන් වන අතර එක් සිංහල තරුණියක් ද වේ.
