Update 4.22 pm
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු මේ වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ අතර කුඩා දරුවෙක් සහ කොළඹ උතුර රෝහලේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 64ක පුද්ගලයෙක් සහ IDH රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයෙක් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
______________________________________________________________________________
නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 4ක් අද (19) දිනයේදී සොයා ගත් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මෙරටින් මේ වන විට කොරෝනා ආසාධිතවූ මුළු සංඛ්‍යාව 56ක් වනවා.
එම නව රෝගීන් අතර දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවූ බවත් අනෙක් දෙදෙනා වන්නේ මිට පෙර හඳුනා ගනු ලැබූ මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළා.
හෙට සිට නැගෙනහිර කොළඹ රෝහල හෙවත් මුල්ලේරියාව රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙස පවත්වා ගෙන යන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහත වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මේ අතර කොළඹ අක්ෂි රෝහල සහ දන්ත රෝහල් තුල හදිසි සේවාවන් පමණක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
