කෝවිඞ් 19 හෙවත්, නව කොරෝනා ආසාදනය වී මේ වනවිට අයි ඞී එච් උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නන් අතර ප්රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු ද සිටින බව වාර්තා වේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු වන ඔහු වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙක් බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය ඒකකයට අනියුක්තව සේවය කළ අයෙකු වේ. කටුනායක ගුවන් තොටුපළේ සේවයේ යෙදී සිටි හමුදා සාමාජිකයෙකු ද නව කොරෝනා ආසාදනය වී ඇතැයි මීට පෙර හඳුනා ගැනුණු අතර ඔහු රෝහල්ගත කර ඇත්තේ ද, නව කොරෝනා ආසාදිත බවට දැන් තහවුරු වී තිබෙන මෙම මන්තී‍්‍රවරයා විසින් ය.
මේ අතර නව කොරෝනා අසාදිත බවට තහවුරු වී මේ වනවිට අයි ඞී එච් උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නන් අතර විදේශිකයින් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ.. ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියානුවෙකු වන අතර අනෙක් තැනැත්තා ප‍්‍රංශ ජාතිකයෙක් වේ.
දැනට ශ්‍රී ලංකාව් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 52ක් වාර්තා වන අතර තවත් පුද්ගලයින් 243ක් අධීක්ෂණය කරමින් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
