Advertise with Giraya
NEWS

Breaking News: මැතිවරණය අප්‍රේල් 25 පැවැත්විය නොහැකියි – මහින්ද දේශප්‍රිය

පවත්නා තත්ත්වය මත අප්‍රේල් 25 වන දා මහමැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියි. තවද අප්‍රේල් මස 25 වෙනිදා සිට දින 14ක කාලයක් ඔබ්බට යන තෙක් මැතිවරණය පැවැත්වීමට නියමිත දිනය ප්‍රකාශයට පත් කර නොහැකි බවද මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ, මේ වන විට මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ මාධ්‍යහමුව අමතමින් ය.

එසේම, මහ මැතිවරණය පැවැත්වෙන දිනය කොරෝනා වෛරසය මැඩලීම සඳහා පත් කර ඇති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ඉදිරියේදි දැනුම්දෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Giraya News Alerts

මැතිවරණය කල් දැමීම කිසිවෙකුගේ උවමනාව මත සිදු නොවූ බවත් එම තීරණය සම්පුර්ණයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් ගත් තීරණයක් බවත් ඔහු සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top