Advertise with Giraya
BUSINESS

අඛණ්ඩව සය වැනි දිනයටත් කොටස් වෙළඳපොල වසා දමයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි සහ රජය විසින් COVID-19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීම පිණිස, අද (19) දින කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත නොවන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, හෙට දිනය ද පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක සහ බැංකු සේවා සීමා කර ඇති තත්ත්වයක් තුළ රජය විසින් මහජන ඒකාරාශීවීම් අවම කිරීම සඳහා ගෙන ඇති පියවර අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අනුව පසුගිය මාර්තු 13 වන සිකුරාදා දිනෙන් පසු සති අන්තය ද ඇතුළත්ව අඛණ්ඩ සයවන දිනයටත් අද දිනයේදීත් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවනු ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top