බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙකු ලෙස නම් කිරීම හේතුවෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ එකම කාන්තා නියෝජනය ඇය බවද වාර්තා වේ.